2025 ජූලි 08 දින නිකුත් වූ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ගුරු කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාග ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. පැරණි විභාග ක්‍රමය වෙනුවට පැමිණි නව “මොඩියුල ක්‍රමය” ගැන ඔබ දැනුවත්ද?
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අදාළව 2025 ජූලි 08 දින නිකුත් කරන ලද අංක 2444/21 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින්, ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් (Efficiency Bar) පරීක්ෂණ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
මෙහි ඇති ප්‍රධාන වෙනස්කම්:
- ස්වයං අධ්‍යයන මොඩියුල (Self-Study Modules): මින් ඉදිරියට කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පවත්වනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන “ස්වයං අධ්‍යයන මොඩියුල” ආශ්‍රයෙනි.
- වසරකට දෙවරක්: මෙම ලිඛිත පරීක්ෂණ වසරකට දෙවතාවක් පවත්වනු ලැබේ.
- නව විෂය නිර්දේශය:
- I වන කඩඉම: මොඩියුල 01 සිට 05 දක්වා (ගුරු වෘත්තීයභාවය, ඉගැන්වීමේ ක්‍රම, ඩිජිටල් තාක්ෂණය, නීතිය, කළමනාකරණය).
- II වන කඩඉම: මොඩියුල 06 සිට 08 දක්වා (සැලසුම්කරණය, පන්ති කළමනාකරණය, යහපැවැත්ම).
- III වන කඩඉම: මොඩියුල 09 සහ 10 (21 වන සියවසේ පාසල, පර්යේෂණ).
මෙම නව සංශෝධන ඔබේ ඊළඟ වැටුප් වර්ධකයට සහ උසස්වීමට සෘජුවම බලපාන බැවින්, අපගේ LMS පාඨමාලාව හරහා මෙම සියලු මොඩියුල ආවරණය කරගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත.

