Course Content
මොඩියුලය 01 – ගුරු වෘත්තීකභාවය සහ ජාතික ගුරු නිපුණතා රාමුව
හැඳින්වීම: මෙම මොඩියුලය මගින් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව, ගුරුවරයෙකු සතු විය යුතු වෘත්තීය නිපුණතා සහ සදාචාරාත්මක වගකීම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දේ. ජාතික ගුරු නිපුණතා රාමුව තුළින් අපේක්ෂා කරන ප්‍රමිතීන් සහ ගුරු වෘත්තීකභාවයේ මූලික වටිනාකම් මෙහිදී සාකච්ඡා කෙරේ.
0/1
1.3 ගුරුවරයකු තුළ තිබිය යුතු වෘත්තීය වටිනාකම් හා ස්වභාවය හඳුනා ගැනීම
ජාතික ගුරු නිපුණතා රාමුව අවධාරණය කරන්නේ ගුරුවරයා හුදෙක් විෂය කරුණු උගන්වන්නෙකු පමණක් නොව, දරුවාගේ "පූර්ණ පෞරුෂය" (Total Personality) ගොඩනගන්නෙකු විය යුතු බවයි.
0/12
2. ගුරු වෘත්තිකභාවය
2 .1 ගරු වෘත්තික භාවය
මෙම කොටස මගින් සාමාන්‍ය රැකියාවකින් ඔබ්බට ගොස්, ගුරු සේවය "වෘත්තියක්" ලෙස ස්ථාපිත වන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට අඩිතාලම දමයි.
0/7
EB Module – 01- ගුරු වෘත්තිකභාවය

මෙම පාඩම මගින් ගුරු නිපුණතා රාමුවේ මූලික සංකල්ප සහ එහි ව්‍යුහය සාකච්ඡා කෙරේ.

  • නිපුණතා හැඳින්වීම: සාමාන්‍ය නිපුණතා, ගුරු නිපුණතා සහ ඉගැන්වීමේ නිපුණතා යනු මොනවාද යන්න අර්ථ දැක්වීම.

  • ගුරු අභියෝග: වර්තමාන ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියේදී ගුරුවරුන් මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග හඳුනා ගැනීම.

  • රාමුවේ අවශ්‍යතාව: ගුරු නිපුණතා රාමුවක් පැවතීමේ වැදගත්කම සහ එහි අවශ්‍යතාවය පැහැදිලි කිරීම.

  • ව්‍යුහය: ජාතික ගුරු නිපුණතා රාමුවේ අන්තර්ගතය සහ එය ගොඩනැගී ඇති ප්‍රධාන ස්ථම්භ හඳුන්වා දීම.

1.2 පාඩම: වෘත්තීය දැනුම, කුසලතා හා ව්‍යවහාර (Professional Knowledge & Practice)

ගුරුවරයෙකු ලෙස පන්ති කාමරය තුළ සහ ඉන් පිටතදී භාවිතා කළ යුතු තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම මෙහිදී විමසයි.

  • සිසුන් පිළිබඳ අවබෝධය: සිසුන්ගේ ස්වභාවය සහ ඔවුන් ඉගෙන ගන්නා විවිධ ආකාරයන් පිළිබඳ දැනුම.

  • විෂය මාලාව: විෂය නිර්දේශය (Syllabus) සහ විෂය අන්තර්ගතය (Content) අතර සම්බන්ධය හා එහි භාවිතය.

  • ඉගැන්වීමේ ක්‍රමවේද: විවිධ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද සහ උපාය මාර්ග (Strategies) ඵලදායීව යොදා ගැනීම.

  • ඇගයීම සහ ප්‍රතිපෝෂණය: සිසුන්ගේ ඉගෙනුම් මට්ටම තක්සේරු කරණය, ඇගයීම, ප්‍රතිපෝෂණය ලබා දීම සහ ක්‍රමවත්ව වාර්තා කිරීම.

1.3 පාඩම: වෘත්තීය වටිනාකම් හා ස්වභාවය (Professional Values & Disposition)

ගුරුවරයෙකු සතු විය යුතු සදාචාරාත්මක හා සමාජීය වගකීම් සමුදාය මෙහි අන්තර්ගත වේ.

  • ශිෂ්‍ය සංවර්ධනය: සිසුන්ගේ අවශ්‍යතා, සෞඛ්‍ය, පෝෂණ තත්ත්වයන් සහ මනෝ-සමාජීය යහපැවැත්ම පිළිබඳ අවධානය.

  • සාරධර්ම හා නවෝත්පාදන: ශිෂ්‍ය චර්යා, වටිනාකම් ගොඩනැගීම සහ නව නිර්මාණ/නවෝත්පාදන සඳහා යොමු කිරීම.

  • ඉගෙනුම් පරිසරය: දරුවාට සුරක්ෂිත සහ හිතකර ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීම.

  • ප්‍රජා සම්බන්ධතා: පාසල සහ ප්‍රජාව අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම.

  • උපදේශනය: ශිෂ්‍ය උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශනය සඳහා ගුරුවරයාගේ කාර්යභාරය.

  • නීතිමය රාමුව: නෛතික, පරිපාලන හා ආයතනික අවශ්‍යතා මෙන්ම ගුරු ආචාර ධර්මවලට අනුගත වීම.

1.4 පාඩම: වෘත්තීය සංවර්ධන අවස්ථා (Professional Development Opportunities)

වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යෑමට අවශ්‍ය මාර්ගෝපදේශ මෙහි ඇතුළත් වේ.

  • ස්වයං ප්‍රත්‍යවේක්ෂණය (Self-reflection): තම ඉගැන්වීම් ක්‍රියාවලිය දෙස ආපසු හැරී බැලීම සහ අඩුපාඩු හඳුනා ගැනීම.

  • වෘත්තීය ජාලකරණය (Professional Network): වෙනත් ගුරුවරුන් හා වෘත්තිකයන් සමග සම්බන්ධතා ගොඩනඟා ගැනීම.

  • පර්යේෂණ හා නව නිර්මාණ: අධ්‍යාපනික පර්යේෂණ සිදු කිරීම, ප්‍රකාශන එළිදැක්වීම සහ සම්මන්ත්‍රණවලට සහභාගී වීම